පාකිස්තාන පතල් අනතුරින් මරණ 16ක් - 09ක් තුවාලයි


බටහිර පාකිස්තානයේ ගල් අඟුරු පතලක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බලුකිස්ථාන් පළාතේ, මර්වාර්හ් ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් තවත් පතල්කරුවන් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

පතල තුළ සිරවී සිටි පුද්ගලයන්ගේ මළ සිරුරු ඉවතට ගැනීම සඳහා විශේෂ මුදාගැනීම් කණ්ඩායම් පවා එම ස්ථානය වෙත යැවූ බව බලධාරීහු පවසති.

බලුකිස්ථාන පළාත විවිධ ඛනිජ ද්‍රව්‍ය සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවත්, එම පතල්වල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂව ඉතා අවම මට්ටමක පවතින බව බලධාරීහු පවසති.

1_Pakista



Recommended Articles