නත්තල් උදාව සමග පාකිස්තානයේ, පන්ජාබ් පළාතේ සුළුතර කිතුණුවන් නත්තල් උත්සවය වෙනුවෙන් සකසූ මත්පැන් විෂවීමෙන් පුද්ගලයන් 32දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පිරිසෙන් වැඩිදෙනා සුළුතර කිතුණුවන් වන අතර, ඔවුන් ටෝබා ටෙක් සිං නගරයේ ජීවත්වන්නන් බව කියයි.
පාකිස්තානය තුළ මුස්ලිම් ජනතාවට මත්පැන් මිලදී ගැනීම හා පානය තහනම් කර ඇති අතර, සුළුතර ජනකොටස්වලට මත්පැන් ලබාගන්නේ නම් විශේෂ බලපත්‍රයක් ඉදිරිපත් කළ යුතු වෙයි.
මේ ආකාරයෙන් එරට මත්පැන් වෙළෙඳාම දැඩි පාලනයකට නතුකර ඇති නිසා බොහෝ දෙනා සිය නිවෙස්වලම පෙරාගත් මත්පැන්වලට හුරුවී සිටින අතර, මේවාට බොහෝ විට විෂ සහිත මීතේන් එකතු වන බවද කියැවෙයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ද පන්ජාබ් ප්‍රදේශයේ මත්පැන් විෂ වීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
25 වැනිදා නත්තල්දා මෙම විෂ සහිත මදුවිතෙන් පදමට රත්වූ මෙම පිරිස නත්තල් සාද අවසන් වීමෙන් පසුව නිවෙස් වෙත ගොස් නිදාගෙන ඇති අතර, ඉන් බොහෝ දෙනෙකු උදෑසන අවදි නොවීම නිසා සොයා බැලීමේදී ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිට ඇත. එමෙන්ම, තවත් පිරිසක් දැඩි රෝගාතුරව සිට ඇති බව කියයි.
කෙසේ වෙතත්, මෙහිදී පාකිස්තාන මුස්ලිම්වරුන් ජාතිකයන් දෙදෙනෙකුද මත්පැන් විෂවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.