පාකිස්තානයේ මොතෝදිස්ත පල්ලියක් ඉලක්ක කරමින් එල්ල වූ මරාගෙන මැරෙන ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
ඇෆ්ගනිස්තාන දේශසීමාවට කිලෝ මීටර් 65ක් පමණ ඔබ්බෙන් පිහිටි ක්වෙට්ටා නගරයේ මෙතෝදිස්ත පල්ලියක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇති අතර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මෙන්ම, වෙඩි ප්‍රහාරයක්ද එහිදී එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, මරාගෙන මැරෙන බෝම්බ කට්ටලවලින් සැරසී සිටි සෙසු ඝාතකයන් දෙදෙනෙකුට පල්ලිය තුළට ඇතුළු වීමට අවස්ථාවක් ලැබී නොමැති අතර, ඔවුන් දෙදෙනාද ඇතුළට පැමිණියේ නම් මනුෂ්‍ය ජීවිත සිය ගණනක් අහිමි වීමේ හැකියාවක් තිබූ බව පළාතේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත්, එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තමාගේ බෝම්බය පුපුරාගෙන ඇති අතර, සෙසු පිරිස පොලීසිය සමග වෙඩි හුවමාරු කරගෙන තිබේ.
පාකිස්තානයේ සුන්නි මුස්ලිම් කලාපවලදී ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වීම සුලභ කරුණක් වන අතර, මේ ආකාරයෙන් සුළුතර කතෝලික ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාර එල්ල වීමද වරින් වර වාර්තා වෙයි.
මෙම ප්‍රහාරකයන් බොහෝවිට ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි ජිහාඩ් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් බවට පිළිගැනීමක් පවතී.