පාකිස්තානයේ තාලේබාන් ත්‍රස්ත සංවිධානයේ උප නායකයා ලෙස කටයුතු කර ඇති ඛාලිඩ් මෙෂූඩ් ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකුණු මෙෂූඩ් තහනමට ලක්කෙරුණු තෙහිරික්-ඊ තලේබාන් පාකිස්තාන් සංවිධානය හෙවත් පාකිස්තාන තලේබාන් ත්‍රස්ත සංවිධානායේ උප නායකයාය. මෙම සංවිධානය මූලධර්මවාදී තලේබාන් සංවිධානයේ පාකිස්තාන ශාඛාව ලෙස සැලකිය හැකිය.
උතුරුදිග වසිරිස්තාන පළාතේදී ඔහුට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති අතර, එය ඇෆ්ගනිස්තාන දේශසීමාවට ආසන්න ප්‍රදේශයකි.
මෙම ත්‍රස්ත සංවිධානයද තම සාමාජිකයාගේ මරණය විශේෂ ප්‍රකාශයකින් තහවුරු කර තිබේ.