පාකිස්තාන ගුවන් සේවය විකිණීමට එරෙහි උද්ඝෝෂණ උග්‍ර අතට


පාකිස්තාන ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයේදී ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ගැටුම්වලදී තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම ගුවන් සේවයේ සේවකයන්ට පොලීසියේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර එල්ල වී තිබේ.

ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ඒකකයේ දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළ සේවකයන්ට විවෘත වෙඩි තැබීමක් සිදුකළේ යැයි යන චෝදනාව පාකිස්තාන පොලීසිය විසින් නිශ්ප්‍රභ කර ඇත.

රෝහල් ආරංචි මාර්ගවලට අනුව ජීවිතක්ෂයට පත්වූ දෙදෙනා එම ගුවන් සේවයේ සේවකයන් දෙදෙනෙකි.

එළැඹෙන ජූලි මාසයේදී ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් දියත් වෙමින් පවතී.



Recommended Articles