පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර රජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් හා පොලීසිය අතර ගැටුම් උත්සන්න වී ඇති අතර, මේ වනවිට උද්ඝෝෂකයන් සමග සාකච්ඡාවට හමුදා නායකයන් පැමිණ ඇති බවද එරටින් වාර්තා වෙයි.
සෙනසුරාදා රාත්‍රියේ හටගත් ප්‍රචණ්ඩක්‍රියාවලින් තිදෙනෙකුවත් මරුමුවට පත්වන්නට ඇති බවත්, තවත් 300කට පමණ තුවාල සිදු වී ඇති බව වාර්තා වෙයි.
අගමැති නවාස් ෂරීෆ් පදවියෙන් ඉල්ලා අස් විය යුතු බව උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වී තිබේ.
උද්ඝෝෂකයන් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ අගමැති නිල නිවසට සහ පාර්ලිමේන්තුවට කඩා වැදීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය හා උද්ඝෝෂකයන් අතර මෙසේ ගැටුම් උත්සන්න වී තිබේ.
පාකිස්තානයේ විරුද්ධ පක්ෂ දේශපාලඥයන් වන ඉම්රාන් ඛාන් හා තහිරුල් ඛදීර් ට පක්ෂපාතී පිරිස් සති දෙකක් පුරා ඇවිලෙමින් පවතින උද්ඝෝෂණවලට නායකත්වය සපයති.