පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට වෙඩි ප්‍රහාරයක්


පාකිස්තානයේ ඊසානදිග නගරයක් වූ නරෝවාල් හිදී එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහ්සාන් ඉක්බාල් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

පන්ජාබ් නගරයේ රැලියකට සහභාගී වීමට යමින් සිටියදී සිය ඡන්ද කොට්ඨාසය තුළදීම තුවක්කුකරුවෙකු විසින් එල්ල කරන ලද මෙම වෙඩි ප්‍රහාරයට ඔහු ලක්ව ඇති අතර, ප්‍රහාරයෙන් ඔහුගේ එක් අතකට වෙඩි වැදීමක් සිදුව තිබේ.

කෙසේ වෙතත්, වෙඩි ප්‍රහාරයෙන් අමාත්‍යවරයාට බරපතළ තත්ත්වයක් නොමැති බව පාකිස්තාන බලධාරීහු පවසති.

මේ අතර, ප්‍රහාරය එල්ල කර තුවක්කුකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන අතර, ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොතිබුණි.

පාකිස්තාන මහ මැතිවරණය එලැඹෙන ජූලි මස 15 වැනිදා පැවැත්වීමට නියමිත අතර, මැතිවරණ සමයේ ප්‍රහාරය එල්ල කරන බවට එරට ජිහාඩ් සටන්කාමීන් මීට පෙර අනතුරු ඇඟවීමක්ද කර තිබුණි.

අමාත්‍ය ඉක්බාල් පාකිස්තාන මුස්ලිම් ලීග රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකි.  

1_Pakistan 2 3



Recommended Articles