කතෝලික සහ හින්දු ගැහැණු ළමයින් පැහැර ගෙන ගොස් ඔවුන් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම්ක් මේ වනවිට පාකිස්තානය තුළ සිදුවන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙසේ පැහැරගැනීමට ලක්වන බොහෝ දරුවන් බාලවස්කාර දැරියන් බවත්, එසේ පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හරවා ගන්නා ඔවුන්, බලහත්කාරයෙන් විවාහ කරදෙන බවද එරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන විසින් හෙළි කර තිබේ.
එම රාජ්‍ය නොවන සංවිධාන පෙන්වාදෙන පරිදි මෙසේ ඉස්ලාමීය නොවන ගැහැණු දරුවන් තම ආගමට හරවා ගැනීම ඇතැම් මුස්ලිම් නායකයන් ගෞරවනීය කටයුත්තක් ලෙස සලකන බවයි.
එරට ක්‍රියාත්මක පාකිස්තානයේ සහයෝගීතාවය හා සාමය සඳහා වන ව්‍යාපාරය පෙන්වා දෙන්නේ වසරකට දරියන් 1,000ක් පමණ මේ අවාසනාවන්ත ඉරණයට ගොදුරුවන බවයි.
මෙම සිදුවීම් බොහෝ විට වාර්තා නොවන බැවින්, මෙම අගය මීට වඩා වැඩිවිය හැකි බවත්, බොහෝ අවස්ථාවල ඒවා සනාථ කිරීමට එම දරුවන් දක්වන බිය හේතුවෙන් ඒවා ලෝකයට හෙළි නොවන බවත් එම රාජ්‍ය නොවන සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙයි.