පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස ෂහිද් කඛාන් අබ්බාසි තෝරාපත් කරගැනීමට එරට නීතී සම්පාදකයන් කටයුතු කර තිබේ.
දූෂණ චෝදනා හේතුවෙන් බලයෙන් ඉවත්ව ගිය අගමැති නවාස් ෂරීෆ් වෙනුවට බලයට පත්වූ ෂහිද් හිටපු ඛනිජතෙල් අමාත්‍යවරයෙකුද වෙයි.
කෙසේ වෙතත්, හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ සොයුරු ෂාබාස් ෂෙරීෆ් එරට අගමැති ධුරයට පත්කර ගන්නා තුරු අතුරු අගමැතිවරයෙකු ලෙස ෂහිද් අගමැති ධුරයේ රඳවා තබාගැනීම පාලක පක්ෂයේ අපේක්ෂාව වී තිබේ.
පාකිස්තාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ඡන්ද 342කින් ඡන්ද 221ක් ලබා ෂහිද් අගමැති ධුරයට තේරීපත්ව තිබේ.
ඡන්ද විමසීමෙන් අනතුරුව හිටපු අගමැති නවාස් ෂරීෆ් වෙත සිය ස්තූතිය පළ කළ ෂහිද් යළිත් පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව ඇති බව පවසා සිටියේය.