පාකිස්තාන අගමැති ධුරයට ෂරීෆ් සොයුරු ෂාහ්බාස් සැරසෙයි


ධුරයෙන් ඉවත්වූ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ සහෝදරයා එරට අගමැති ධුරය ලබාගැනීම සඳහා ඉදිරිපත්ව සිටින බව විදෙස් වාර්තා පවසයි.

දූෂණ චෝදනා සමග එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු අගමැති ෂරීෆ් තවදුරටත් බලයේ සිටීමට නොසුදුසු බව ප්‍රකාශ වීමත් සමග හෙතෙම පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව, පාකිස්තානයේ පාලක ජාතික මුස්ලිම් ලීගය විසින් ෂාහ්බාස් ෂරීෆ් අගමැති ධුරය සඳහා නම් කර තිබේ.

කෙසේ වෙතත්, ඒ සඳහා එට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

65 වැනි වියෙහි පසුවන ෂාහ්බාස් ෂරීෆ් අගමැති ධුරය සඳහා ඔහු දැනට කටයුතු කරන පන්ජාබ් පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට ඔහුට සිදුවනු ඇති අතර, පසුව ඒ සඳහා වූ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය ලබාගත යුතුව ඇත.

කෙසේ වෙතත්, මේ ක්‍රියාවලිය සඳහා දින 45ක පමණ කාලයක් ගතවනු ඇති බව සඳහන් වෙයි. මේ වනවිට එරට අතුරු අගමැතිවරයා ලෙස ෂහීඩ් ඛාකන් කටයුතු කරයි.



Recommended Articles