පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා සහ යුද හමුදාව එක්ව ඊසානදිග පාකිස්තානයේ ඇෆ්ගනිස්තානයට මායිම් වූ කලාපයක එල්ල කළ දැවැන්ත ප්‍රහාරයක් හේතුවෙන් තලේබාන් සටන්කාමීන් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තලේබාන් සටන්කාමීන් එරට පාසලක් ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 148 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එරට ආරක්ෂක අංශ මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරයට අමතරව එරට කමාන්ඩෝ බලකාය යොදාගෙන සිදුකළ සැඟව සිට පහරදීමේ ප්‍රහාර මාලාවකින්ද තවත් ත්‍රස්තයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ටීරාහ් වැලී ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
එමෙන්ම, සිකුරාදා උදය වරුවේ තවත් ත්‍රස්තයන් 18 දෙනෙකු සෝදිසි මෙහෙයුමක් අතරතුර මරා දැමීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
පාකිස්තාන හමුදා ප්‍රධානියාද ප්‍රදේශය වෙත යමින් මෙම ප්‍රහාරවලට නායකත්වය ලබාදී ඇති බවත්, පාසල් සිසු සිසුවියන් 100කට අධික පිරිසකට මරු කැඳවූ ප්‍රහාරයෙන් දැඩි කම්පනයකට පත්ව සිටින පාකිස්තාන ජනතාව තලේබාන් පාලනය කෙරෙහි දැඩි අප්‍රසාදයකට පත්ව ඇති බවත් විදෙස් පුවත් සේවා වැඩිදුරටත් පවසයි.