පාකිස්තානයේ ඇෆ්ගන් තානාපති කාර්යාලයට හැකර් ප්‍රහාර


පාකිස්තානයේ අෆ්ගනිස්ථාන තානාපති කාර්යාලය වෙත රජයේ අනුග්‍රහය ලබන හැකර් ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් සිදුව තිබේ.

පාකිස්තානයේ ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ ඔවුන්ගේ සේවකයන් දෙදෙනෙකු වෙත ගූගල් මගින් සිය මුරපද ආරක්ෂා කරගන්නා ලෙස අනතුරු ඇඟවීම් ලැබී තිබූ බවයි.

මේ අතර, පාකිස්තානයේ හමුදා වෙත චෝදනා කරන ක්‍රියාධරයන්ගේ පරිගණක සහ ජංගම දුරකථන වෙත මැල්වෙයාර් ඇතුළු කිරීමට ගත් උත්සාහයක් පිළිබඳවද සඳහන් කෙරිණි.

මේ ආකාරයෙන් ඇෆ්ගන් තානාපති නිලධාරීන්ට ගූගල් වෙතින් අනතුරු ඇඟවීමෙන් පසුව, ඔවුන්ගේ තවත් සේවකයෙකුගේ ඊෆම්ල් ගිණුමක් හැකර් ප්‍රහාරයකට ලක්ව තිබුණි.

ඇෆ්ගනිස්තාන බුද්ධි අංශ වෙනුවෙන් මෙම හැකර් ප්‍රහාරය සිදුකිරීමට උත්සාහ දරා ඇති අතර, පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය පසුගිය කාලය පුරාවට එකිනෙකාට චෝදනා කරගන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ක්‍රියාකරන බව පවසමිනි.

1_Afgan



Recommended Articles