වයඹදිග පාකිස්තානයේ රජයේ ගොඩනැගිල්ලකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මර්ඩාන් නගරයේ පිහිටි ජාතික දත්ත හා ලියාපදිංචි අධිකාරිය ඉදිරිපිටදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ.
පාකිස්තාන තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, මෙම ප්‍රහාරයෙන් තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද කියැවෙයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී පාසල් සිසුන් හා ගුරුවර ගුරුවරියන් 150කට ආසන්න පිරිසකට මරු කැඳවමින් පේෂාවර් නුවර පාසල් සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව වාර්තා වූ දරුණුතම ප්‍රහාරය ලෙස මෙය සැලකෙයි.