ප්‍රථම වතාවට පාකිස්තානය විසින් නිෂ්පාදනය කළ ඩ්‍රෝන ප්‍රහාරයක යානයක් යොදා සිදුකළ ප්‍රහාරයකින් සටන්කාමීන් තිදෙනෙකු ඝාතනය කළ බව පාකිස්තානය පවසයි.
නිවේදනයක් නිකුත් කරන පාකිස්තාන හමුදාව පවසන්නේ ඩ්‍රෝන යානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර මගින් උතුරු වසිරිස්තාන කලාපය වෙත ඉලක්ක කළ බවයි.
බුරාක් ලෙස එරට හමුදාව නම්කර ඇති මෙම ඩ්‍රෝන යානය පසුගිය මාර්තු මාසයේදී එරටට හඳුන්වාදුන් අතර, එමගින් ලේසර් මගපෙන්වන මිසයිල එල්ල කළ හැකි බව කියයි.