ප්‍රමුඛ කෝලා බීම නිෂ්පාදන සමාගමක විවාදයට තුඩුදී ඇති අඩංගු ද්‍රව්‍ය ඉවතට


පාන වර්ග සම්බන්ධ ලොව ප්‍රමුඛතම කෝලා සමාගමක් ඔවුන්ගේ ඇතැම් පාන වර්ග සම්බන්ධයෙන් විවාදයට තුඩුදී ඇති අඩංගු ද්‍රව්‍ය කිහිපයක් මෙම වසර අවසානයේදී ඉවත් කිරීමට සැරසෙන්නේ අන්තර්ජාලය හරහා සිදුකරන ලද පෙත්සමක් සලකා බලමින් බව බී.බී.සී.ය පවසයි.

බ්‍රෝමිනීකරණය කරන ලද එළවළු තෙල් හෙවත් BVO එම කෝලා පාන වර්ග සමාගමේ පලතුරු හා ක්‍රීඩා පානවර්ගයන් කිහිපයක අඩංගු බව කියැවුණි.

තවත් කෝලා නිෂ්පාදන සමාගමක්ද පසුගිය වසරේදී තම ක්‍රීඩා පානවර්ගයක අඩංගු රසායනික ද්‍රව්‍යයක් ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණි.

මීට සම්බන්ධ කෝලා පාන වර්ග නිෂ්පාදන සමාගමේ ප්‍රකාශකයෙකු මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එය තම නිෂ්පාදනවල ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බවය.

"අපේ සියලුම පාන වර්ග, BVO අඩංගු පාන වර්ග පවා ආරක්ෂිතයි. ඒ වගේම සෑම අවස්ථාවකම ඒවා අලෙවි කරනු ලබන රටේ නීති රෙගුලාසිවලට එකඟව ඒ නිෂ්පාදනයන් සිදු කෙරෙනවා" යැයි ඔහු පැවසීය.



Recommended Articles