ප්‍රධාන අභියෝග හමුවේ පොදු සම්මුතියකට එන්න - මාර්කෙල්


වර්තමාන ලෝකය මුහුණදී ඇති ප්‍රධාන අභියෝග හමුවේ ප්‍රගතියක් ඇතිකර ගැනීම වෙනුවෙන් වූ පොදු එකඟතාවක් වටා එක්වන ලෙස ජර්මන් චාන්සලර් අන්ජෙලා මර්කෙල් සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළාය.

ජර්මානු චාන්සලර්වරිය එවැනි ඉල්ලීමක් සිදුකරනු ලැබුවේ ඊයේ (07දා) ජර්මනියේ, හැම්බර්ග් නගරයේදී ආරම්භ වූ G20 සමුළුවට සහභාගී වෙමින් සිටි ලෝක නායකයන් අමතමිනි.

එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් ලෝකය මුහුණදී ඇති ප්‍රධාන අභියෝග ගැන සඳහන් කළ ජර්මානු චාන්සලර්වරිය, ඔවුනොවුන්ගේ මූලික සිද්ධාන්ත හෝ වෙනස් මතවාද පෙරට ගැනීමෙන් තොරව එම එකඟත්වය ඇතිකර ගත හැකි බවද අවධාරණය කළාය.

එමෙන්ම, ජර්මානු චාන්සලර්වරිය මෙවර G20 සමුළුවේ ප්‍රධාන මාතෘකා බවට පත්ව ඇති ගෝලීය වෙළෙඳාම, දේශගුණ විපර්යාස, බල ශක්තිය, කාන්තා අයිතිවාසිකම් සහ අප්‍රිකානු ගැටළු පිළිබඳවද පැහැදිළි කිරීමක් කළ බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles