ප්‍රථම ඉස්ලාමීය ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි


ඉස්ලාමීය නීතීන්ට අනුකූලව ක්‍රියාත්මක වූ මැලේසියාවේ ප්‍රථම ගුවන් සේවය වන රයියාන් එයාර් හි ගුවන් ගමන් තහනම් කර ඇති බව එරට සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එම ගුවන් සේවයේ පවතින ආරක්ෂිත තත්ත්වයේ සහ පරිපාලනයේ දුර්වලතා සලකා බැලීමෙන් පසුව එම ගුවන් සේවයට ලබාදී තිබූ බලපත්‍රය අවලංගු කිරීමට සිදුවන බවද දෙපාර්තමේන්තුව කියයි.

හලාල් ආහාර පමණක් පිළිගන්වමින්, මත්පැන් නොමැතිව, පර්දාවන් පැළඳි ගුවන් සේවිකාවන්ගෙන් සමන්විත වූ මෙම ගුවන් සේවය පසුගිය දෙසැම්බර් මාසයේදී ආරම්භ කර තිබුණේ, බෝයිං 737-400 වර්ගයේ ගුවන් යානා දෙකකින්, ගුවන් නියමුවන් 8 දෙනෙකුගෙන් හා කාර්ය මණ්ඩලයේ 50 දෙනෙකුගෙන් බව බී.බී.සී.ය කියයි.



Recommended Articles