ලෝක ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන කේට් ස්පේඩ් නිව්යෝක් නුවර පිහිටි සිය මහල් නිවාසය තුළ මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
පොලීසිය මෙම මරණය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ අරඹා ඇති අතර, එය සියදිවි හානි කරගැනීමක් බවට විශ්වාස කරයි.
55 හැවිරිදි වියේ පසුවූ කේට්, පාර්ක් ඇවනිව් හි සිය නිවස තුළ මියගොස් සිටියදී සොයාගෙන තිබුණේ නිවසේ මෙහෙකාරිය විසිනි.
ඇඳුම්, සපත්තු, ස්වර්ණාභරණ ඇතුළු විවිධ විලාසිතා සම්බන්ධයෙන් ඇය සුවිශේෂී නමක් දිනා සිටි අතර, කේට් ස්පේඩ් අත් බෑග් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන වෙළෙඳ නාමයක් බවට පත්ව තිබේ.