ප්‍රංශ පාපන්දු ලීග තරගාවලියක් අතරතුර ප්‍රේක්ෂකාගාරයක ඉදිරි පෙළ බාධක වැටක් කඩා වැටීමෙන් ප්‍රේක්ෂකයන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඉන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් වාර්තා පවසයි.
ස්ටේඩ් ඩි ලා ලිකෝර්න් ක්‍රීඩාංගණයේදී ආමිඑන්ස් සහ ලියෝ කණ්ඩායම් අතර පැවති තරගය ආරම්භ වී 16 වැනි විනාඩියේදී මෙම අනතුර සිදුවී තිබේ.
ප්‍රේක්ෂකාගාරයේ ඉදිරි පෙළ සිටි නරඹන්නන් පිරිසක් පාපන්දු ගෝලයකින් පසුව උද්දාමයට පත්ව සතුට සැමරීමට ඉදිරියට පැමිණි අවස්ථාවේදී එහි ඉදිරි බාධක වැට කඩාගෙන ඔවුන් එකාපිට එකා මීටර් එකහමාරක් පමණ පහළට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරත් සමග තරගය නතර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, හදිසි ආරක්ෂක රැස්වීමකින් පසුව ප්‍රේක්ෂකයන්ද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ප්‍රදේශයේ අභිචෝදක පවසා තිබේ.