ප්‍රංශ න්‍යෂ්ටික බලාගාරවලට ඉහළින් සැක කටයුතු ඩ්‍රෝන ගමන් කරලා


ප්‍රංශ රජයට අයත් න්‍යෂ්ටික බලාගාර හතක් ඉහළින් සැක කටයුතු ඩ්‍රෝන යානා පියාසර කිරීමක් සිදුව ඇති බවට තොරතුරු පවතින බව වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් 5 වැනිදා මුලින්ම මෙම ඩ්‍රෝන යානය ඒ ප්‍රදේශයේ ගැවසී ඇති අතර, පසුගිය ඔක්තෝබර් 20 වැනිදා දක්වා වරින් වර එය දක්නට ලැබුණු බව කියැවෙයි.

මෙම ඩ්‍රෝන යානා මෙහෙයවීම පිටුපස සිටියේ කවුද යන්න පැහැදිලි නොවුණත්, පරිසර සංරක්ෂණ ක්‍රියාකාරී සංවිධානයක් වූ ග්‍රීන්පීස් සංවිධානය මෙම මෙහෙයුම පිටුපස සිටින බවට සැක කෙරෙයි.

ප්‍රංශ නීතියට අනුව, මෙම න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිතව කිලෝ මීටර් 5ක් දුර කිසිදු ගුවන් යානයකට පියාසර කිරීමට අවසර නොමැති අතර, මෙහි ආරක්ෂාව පිළිබඳව වගකීම එරට ගුවන් හමුදාවට පවතින බව කියයි.

 



Recommended Articles