ප්‍රංශ ජනපති ඇමෙරිකාවේදී ට්‍රම්ප්ට කණේ පහරක් ගහලා


ඇමෙරිකාවේ සංචාරයක නිරත ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් එරට කොංග්‍රසය අමතමින් ජාතිකවාදයට මෙන්ම, ඒකලනවාදයට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබේ.

මැක්‍රෝන් පවසා ඇත්තේ මෙවැනි ප්‍රතිපත්ති ගෝලීය සෞභාග්‍යයට වඩාත් අහිතකර ආකාරයකින් බලපෑ හැකි බවයි.

මෙය ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 'පළමුව ඇමෙරිකාව' යන ප්‍රතිපත්තියට හීනි කණේ පහරක් බව දේශපාලන විචාරකයෝ පවසති.

එමෙන්ම, ගෝලීය වෙළෙඳාමේ පවතින විවිධත්වය සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති මැක්‍රෝන්, ඉරානය සහ පරිසරය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දක්වා තිබේ.

ප්‍රංශ ජනාධිපතිවරයා කොංග්‍රසය ඇමතීමට නැගී සිටි අවස්ථාවේදී විනාඩි තුනක කාලයක් පුරාවට ප්‍රීතිඝෝෂාවක් සමග ඔහු මහත් හරසරින් පිළිගැනීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

President Trump And First Lady Melania Trump Welcome President Macron And Mrs. Macron To The White House1_Man 2



Recommended Articles