ප්‍රංශ ජනපති මැක්රෝන්ගේ අධිකරණ ඇමති ඉවත් වෙයි


ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සිය කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකිරීමට පැය කිහිපයක් තිබියදී එරට අධිකරණ අමාත්‍ය ප්‍රංශුවා බෙයිරූ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව, මැක්රෝන්ගේ පක්ෂය සමග මෙවර මහ මැතිවරණයට තරග කළ මොඩෙම් පක්ෂයට පැය 24ක් ගත වීමට පෙර එම පක්ෂයට හිමිව තිබූ අමාත්‍ය ධුර තුනම අහිමි වූ බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රංශය තුළ පහත් දේශපාලනයක යෙදෙන පුද්ගලයන්ට එරෙහිව නැගී සිටින බව පවසමින් මැක්රෝන් බලයට පැමිණියේය.

කෙසේ වෙතත්, ප්‍රංශ ජනාධිපතිවරයාගේ පක්ෂයට සහාය දැක්වූ මොඩෙම් පක්ෂය, සිය පක්ෂ ක්‍රියාකාරීන්ට ගෙවීම සඳහා යුරෝපා සංගමයේ අරමුදල් යොදාගෙන ඇති බවට පරීක්ෂණයක් පැවැත්වීම තුළ මෙම අර්බුදය හටගෙන තිබේ.

ඒ අනුව, මොඩෙම් පකෂයේ අමාත්‍යවරු අතරින් මුලින්ම ඉවත්වූයේ ආරක්ෂක අමාත්‍ය සිල්වි ගොලාඩ් ය. මේ ආකාරයෙන්ම තවත් ප්‍රමුඛ දේශපලඥයන් පිරිසක් වෙත දූෂණ චෝදනා හා අක්‍රමිකතා ආරම්භයේදීම එල්ල වීමත් සමග වෙනසක් සමග පැමිණි මැක්රෝන්ගේ ගමනට ආරම්භයේදීම කණකොකා හැඬලීමක් සිදුවූයේ දැයි දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති.



Recommended Articles