ප්‍රංශයේ මහා ලැව්ගිනි තත්ත්වයක් - 10000ක් ඉවත් කරයි


ඊසානදිග ප්‍රංශයේ පැතිර යන දරුණු ලැව්ගිනි තත්ත්වයත් සමග පුද්ගලයන් 10,000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ප්‍රංශයේ ප්‍රොවෙන්ස්-ඇල්ප්ස්-කෝටේ ඩිඅසුර් කලාපයේ, බොර්මේස් ලෙස් මිමෝසාස් ප්‍රදේශය ලැව්ගින්නෙන් දැඩි ලෙස හානි වූ ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇති අතර, එම ප්‍රදේශයේ පැතිර යන ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන භටයන් සිය ගණනක් යොදවා ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර, මෙම ගින්න සමග සටන් කිරීම සඳහා ප්‍රංශය තම යුරෝපා සංගම් මිත්‍රයන්ගේ උදව් ඉල්ලා ඇති බවද සඳහන් වෙයි.

මේ වනවිටත් මධ්‍යධරණී මුහුදු කලාපයේ අක්කර 4,000ක පමණ කොටසක් ගින්නෙන් විනාශ වී ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.



Recommended Articles