ප්‍රංශයේ පල්ලියක් අසල වෙඩි තැබීමකින් 8ක් තුවාල ලබයි


දකුණුදිග ප්‍රංශයේ පල්ලියක් අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඇවිග්නන් හි අරාහ්මා මුස්ලිම් පල්ලිය වෙත ඊයේ (02දා) රාත්‍රී ඇතුළු වූ මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් එහි වන්දනා කරමින් සිටි පිරිසක් මෙසේ තුවාල ලබා තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නොසලකන බව ප්‍රංශ පොලීසිය පවසයි. මෙය එම තරුණයන් අතර අති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සලකන බවත් පොලීසිය පවසා තිබේ.

තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.



Recommended Articles