යුරෝපය වෙත පැමිණි සංචාරකයන් පිරිසක් රැඳී සිටින ප්‍රංශයේ ජංගල් නමැති සරණාගත කඳවුර වෙනත් තැනක පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතී.
මෙම සරණාගත කඳවුරේ සිටින සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍ය දක්වා ගමන් කරන ලොරි රථවල හා දුම්රියවල නැග නීතිවිරෝධීව බ්‍රිතාන්‍ය වෙත ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමග මෙම පියවර ගැනීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කරමින් සිටියි.
මේ සම්බන්ධයෙන් සරණාගතයන්ගේ තොරතුරු රැස්කිරීමද ප්‍රංශ බලධාරීන් විසින් පසුගිය දිනවල සිදුකෙරිණි.
සිරියාවේ සිට ඇෆ්ගනිස්ථානය දක්වා වූ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් දහස් ගණනක් මෙම කඳවුරේ රැඳී සිටින අතර, එය ප්‍රංශයේ උතුරුදිග ප්‍රදේශයේ පිහිටා තිබේ.
මෙම කඳවුර දකුණුදිග ප්‍රංශය වෙත ගැනීම සඳහා බලධාරීන් කටයුතු කරමින් සිටියි.