ප්‍රංශ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් ප්‍රමාණය තුනෙන් එකකට අඩු කරමින් එරට නව ජනාධිපති එමානුවෙල් මැක්රෝන් රජය තුළ රැඩිකල් වෙනසක් සිදුකිරීමට සැරසෙන බව විදෙස් වාර්තා පවසයි.
ඓතිහාසික වර්සෙයිල්ස් මාලිගයේ සිට සුවිශේෂී කතාවක් කරමින් ජනාධිපතිවරයා මෙම කරුණු අනාවරණය කර තිබේ.
ඒ අනුව, ප්‍රංශ පාර්ලිමේන්තුවේ ජාතික මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 577 සිට 385 දක්වාත්, සෙනට් සභිකයන් සංඛ්‍යාව 348 සිට 232 දක්වාත් අඩුකරන බව ජනාධිපතිවරයා යෝජනා කර ඇත.
මේ තුළින් රජයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, විප්ලවීය ලෙස නව මාවතක් වෙත ප්‍රංශය යොමුකළ හැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ප්‍රංශ ජනාධිපති මැක්රෝන් එරට දේශපාලනයට නවකයෙකු වුවද, ඔහු මෙවර ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් අතර, එරට පාර්ලිමේන්තුවේද බහුතර බලය ලබාගැනීමට ඔහුගේ පක්ෂය සමත් විය.
ඒ අනුව, ඔහු ඉදිරිපත් කරන මෙම රැඩිකල් වෙනස එරට වසරක් තුළ පාර්ලිමේන්තුව තුළ සම්මත නොවුවහොත්, ඒ වෙනුවෙන් ජනමත විචාරණයකට ගොස් ජනතාවගේ කැමැත්ත විමසා බලන බවද ප්‍රංශ නායකයා අවධාරණය කර තිබේ.
ප්‍රංශ නායකයාගේ විනාඩි 90ක කතාව තුළ ප්‍රංශය වෙත සාමූහික ගෞරවයක් උදාකර දෙන බව සපථ කළ බව විදෙස් වාර්තා පවසයි.