ප්‍රංශය රසායනික හෝ ජෛව අවි ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු වීමේ අවදානමක පවතින බව ප්‍රංශ අගමැති මැනුවෙල් වෝල්ස් අනතුරු අඟවයි.
පසුගිය සිකුරාදා ප්‍රංශයේ පැරිස් නගරයට ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විසින් ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සිදුවීමෙන් පසුව, රට තුළ හදිසි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් අගමැතිවරයා මෙසේ අදහස් දැක්වීය.
මේ අතර, පැරිස් ප්‍රහාරයට සම්බන්ධ බිලාල් හඩ්ෆි සහ සලාහ් අබ්දේසාලාම් යන ත්‍රස්තවාදීන්ට සම්බන්ධ බඩුබාහිරාදිය කිහිපයක් අත්අඩංගුවට ගැනීමට බෙල්ජියම් පොලීසියට හැකිවී තිබේ.
බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය තුළ හා නගරයෙන් පිටත සිදුවූ සෝදිසි මෙහෙයුම් හතකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, මෙහිදී ත්‍රස්තවාදී සැකකරුවෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
සිකුරාදා පැරීසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.