‘අල්ලාහු අක්බර්’ හෙවත් ‘දෙවියන් ශ්‍රේෂ්ඨයි’ යන අරුත ඇති ඉස්ලාමීය ආගමික පාඨය හඬ නගා කියමින් පාරේ ගමන් කළ පදිකයන් මතින් රිය පදවා ඔවුන් අනතුරට ලක්කළ පුද්ගලයෙකු පිළිබඳව ප්‍රංශයේ ඩිජෝන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙම පුද්ගලයා තමාගේ රථය පැය භාගයක් තුළ නගරයේ ස්ථාන පහකදි මෙසේ පදිකයන් මතින් ධාවනය කර ඇති අතර, ඉන් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ඇත්තේ දෙදෙනෙකුට බරපතල තුවාල සමගිනි.
ප්‍රංශ පොලීසිය පෙන්වා දෙන පරිදි මෙම පුද්ගලයාට එරෙහිව මීට පෙරද අපරාධ චෝදනා එල්ල වී ඇති අතර, ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
එමෙන්ම, ‘අල්ලාහු අක්බර්’ ඉස්ලාමීය ආගමික පාඨය හඬ නගමින් තවත් පුද්ගලයෙක් පසුගිය සෙනසුරාදා ප්‍රංශයේ ටුවර්ස් ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට කඩා වැදී එහි සිටි නිලධාරීන් තිදෙනෙකුට පිහියකින් පහර දීමට තැති කිරීමේදී ඔහු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.