ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයට එරෙහිව සිය ගොඩබිම් ආරම්භ කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.
නොනවත්වා සිදුවන රොකට් ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස ගාසා තීරයෙන් හමාස් සංවිධානය අතුගා දැමීමට මේ ආකාරයෙන් ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන හමාස් සංවිධානය කියා සිටින්නේ ඊශ්‍රායලයට මෙම ගොඩබිම් ප්‍රහාර වෙනුවෙන් දැඩි වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවයි.
ඊයේ දිනයේදී දෙපාර්ශ්වය අතර පැය පහක සටන් විරාමයක් පැවතියත්, ඒ අතරතුර පවා යම් යම් ප්‍රහාරයන් වාර්තා විය.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නෙ මේ වනවිට ගැටුම් හේතුවෙන් පලස්තීන වැසියන් 247 දෙනෙකු මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් ඉන් හතරෙන් තුනක් පමණ සාමාන්‍ය වැසියන් බව පැවසේ.
එමෙන්ම, ගාසා තීරයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල් වැසියෙකුද ඝාතනය වී තිබේ.