පරිගණක පද්ධති දෝෂයකින් ගුවන් ගමන් 15000ක් ප්‍රමාදයි


යුරෝපයේ ගුවන් ගමන් මෙහෙයුම් කළමනාකරණය කරන පරිගණක පද්ධතියක දෝෂයක් හේතුවෙන් අඟහරුවාදා දින යුරෝපා කලාපයේ ගමන් කරන ගුවන් ගමන් වාර අඩකට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී තිබේ.

කලාපය පුරා ගුවන් ගමන් මෙහෙයුම් කළමනාකරණය කරන යූරෝකොන්ට්‍රෝල් පද්ධතියෙහි මෙම දෝෂය හේතුවෙන් එදින සැලසුම්ගත ගුවන් ගමන් වාර 15,000ක් පමණ ප්‍රමාද වූ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, එදින සවස් කාලය වනවිට මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇති බව විශ්වාස කෙරිණි.

විවිධ ගුවන් ගමන් මෙහෙයුම් පද්ධති ආශ්‍රිත සංසන්ධනාත්මක ඉල්ලුම මෙන්ම එහි ධාරිතාවන් කළමනාකරණය කිරීමට මෙම පරිගණක පද්ධතිය කටයුතු කරන බව කියැවෙයි.

1_Flight Delay



Recommended Articles