නෝර්වේ රාජ්‍යයේ බටහිර වෙරළ ආශ්‍රිතව සිදුවූ හොලිකොප්ටර් යානා අනතුරකින් පසුව මළ සිරුරු කිහිපයක් හමුවී තිබේ.
තෙල් කැණීම් අට්ටාලයක් වෙත පහසුකම් සැපයූ හෙලිකොප්ටරයක් මෙසේ අනතුරට පත්ව ඇති අතර, මෙම අනතුරින් පුද්ගලයන් 11ත් 13ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මෙම අනතුර සම්බන්ධයෙන් නෝර්වේ බලධාරීන් සිදුකළ පරීක්ෂණවලදී එම යානය නියමිත පරිදි නඩත්තු කටයුතු සිදු නොකළ බවට තොරතුරු හෙළි වී තිබේ.
එහිදී, පසුගිය වසරේදී පමණක් අවස්ථා දෙකකදී එහි සම්මත නඩත්තුව කල් දමා ඇති බවත්, අනතුර සඳහා මෙය හේතු වන්නට ඇති බවත් කියැවෙයි.