නේපාලයේ විනාශ වූ පාසල් යළි විවෘත වේ


නේපාලයට බලපෑ භූ කම්පනයෙන් පසුව වසා දැමුණු පාසල් රැසක් විවෘත කිරීම ක්‍රමයෙන් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.

රික්ටර් පරිමාණ 7.8ක භූ කම්පනයෙන් පාසල් 8,000ක් හා පන්ති කාමර 25,000ක් විනාශ වූ අතර, භූ කම්පනයෙන් 8,000ක වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

මෙහිදී, පාසල් රැසක් තාවකාලිකව ගොඩනගා ඇති අතර, උණ ගස්, දැව හා ඉටි රෙදි යොදාගෙන පාසල් ගොඩනැගිලි ඉදිකර ඇති බව වාර්තා වෙයි.



Recommended Articles