නේටෝව රුසියාවට අනතුරු අඟවයි


යුක්රේන දේශසීමාවේ රුසියානු හමුදාවන් විසින් සිදුකරන කඳවුරු බැඳීම්වලට එරෙහිව යුරෝපයේ නේටෝ හමුදා අණදෙන නිලධාරියා විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

යුරෝපයේ නේටෝ හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් ෆිලිප් බ්‍රීඩ්ලව් පවසා ඇත්තේ රුසියාවේ කඳවුරු බැඳීම හේතුවෙන් මෝල්ඩෝවා හි ට්‍රාන්ස්-ඩ්නයිස්ටර් කලාපයට සිදුව ඇති තර්ජන සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමුකර ඇති බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන රුසියාව පවසන්නේ තම හමුදා යුක්රේනයේ නැඟෙනහිර කලාපයේ සිදුකරන කඳවුරු බැඳීම් ජාත්‍යන්තර ගිවිසුම්වලට එකඟ බව සිදුකර ඇති බවය.

ක්‍රිමියාව රුසියාව සමග සම්බන්ධ කරන්නේද, නැද්ද යන්න විමසමින් එරට පැවති ජනමත විචාරණයෙන් පසුව, ක්‍රිමියාව රුසියාවට බද්ධ කිරීමේ ගිවිසුම්ද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විසින් ක්‍රිමියා බලධාරීහු සමග අත්සන් කළහ.

එමෙන්ම, ක්‍රිමියාව රුසියාවේම කොටසක් බවට තහවුරු කෙරෙන නීති සම්පාදනය කළේය.

මේ වනවිට ක්‍රිමියාවේ වූ යුක්රේන හමුදා කඳවුරු 189ක පමණ රුසියානු ධජ ඔසවමින් රුසියානු හමුදා විසින් සිය බල පරාක්‍රමය අර්ධද්වීපය තුළ පතුරුවමින් සිටියි.

 



Recommended Articles