නේටෝව රැස්වේ - රුසියාවට බලපෑම් වැඩිවේ


යුක්රේනය වෙත බලපෑමක් කරමින්, එරට අර්බුදය විස්ථායී කිරීමට රුසියාව කටයුතු කරන බවට බටහිර නේටෝ බලවතුන් අද ඇරඹෙන නේටෝ සමුළුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

නේටෝ සමුළු වේල්සයේදී අද ආරම්භ කෙරෙන අතර, ඒ වෙනුවෙන් නේටෝ බලවත් රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන් මේ වනවිටත් බ්‍රිතාන්‍ය වෙත පැමිණ සිටී.

නේටෝ හා බ්‍රිතාන්‍ය රුසියාවට අනතුරු අඟවමින් කියා සිටින්නේ ඔවුන් නැගෙනහිර යුක්රේනය වෙත කරන අතපෙවීම අත්හැරීමට පියවර නොගතහොත් රුසියාවට තවදුරටත් බලපෑම් ඇති කරන බවයි.

නේටෝ සමුළුවට පෙර යුක්රේන ජනාධිපති පේට්‍රෝ පොරොෂෙන්කෝ අමෙරිකානු හා යුරෝපා සංගම් නායකයන් වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග ඇතිකර ගත් සටන් විරාමය ගැන අදහස් දැක්වීමක් කළේය.



Recommended Articles