නෙදර්ලන්තයේ විදුලිය බිඳ වැටීමකින් අර්බුදයක්


නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර හා අවට නගර කිහිපයක විදුලිය ඇණහිටීමක් හේතුවෙන් ෂිෆෝල් ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

නෙදර්ලන්ත විදුලි පද්ධතියේ පරිපාලක ලෙස කටයුතු කරන ටෙනී ටී විදුලි සමාගම පෙන්වා දෙන්නේ නෝත් හොලන්ඩ් පළාතේ මිලියන 2.7ක පමණ ජනතාවක් මෙම විදුලි බිඳ වැටීමෙන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවයි.

කෙසේ වෙතත් පැය කිහිපයකට පසුව යළි විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර ගැනීමට හැකි වුවත්, ගුවන්තොටු පොළ වෙත පැමිණෙන ගුවන් යානා රැසක් වෙනත් ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බවද කියයි.



Recommended Articles