තම දේශසීමා හරහා නීතිවිරෝධී සංක්‍රමණ සිදුකරන සංක්‍රමණිකයන් එළැඹෙන සතියේ සිට අත්අඩංගුවට ගන්නා බව හංගේරියානු අගමැතිවරයා අනතුරු අඟවයි.
අගමැති වික්ටර් ඔර්බෑන් පවසන්නේ පසුගිය සතියේදී වැළනොකැඩී පැමිණි සංක්‍රමණිකයන් තම පොලීසියට එරෙහිව කැරලිකාර ආකාරයක හැසිරීමක් පෙන්නුම් කළ බව කියයි. එහිදී, තත්ත්වය පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් ගැනීමට සිදුවූ බවද අගමැතිවරයා අවධාරණය කරයි.
මේ අතර, හංගේරියාවේ සරණාගත කඳවුරුවල තත්ත්වය ඉතාමත් පහත් තත්ත්වයක පවතින බවටද චෝදනා පවතී.
පොලිස් නිලධාරීන් සංක්‍රමණික කඳවුරු වෙත පාන් වීසිකරන දර්ශනයක්ද සමගින් සංක්‍රමණිකයන්ට හංගේරියාවේදී හොඳ සැලකුම් නොලැබෙන බව කියයි.
කෙසේ වෙතත්, යුරෝපය වෙත වැළ නොකැඩී පැමිණෙන සංක්‍රමණිකයන් හේතුවෙන් මේ වනවිට යුරෝපා සංගමය තුළද බලවත් බෙදීමක් ඇති වී තිබේ.
විශේෂයෙන්ම කෝටා ක්‍රමයට සංක්‍රමණිකයන් බෙදාගැනීම සම්බන්ධයෙන් තවමත් එකඟත්වයකට පැමිණීමට යුරෝපය අපොහොසත් වී ඇත.