ලොව අතිශය දුර්ලභ පක්ෂි විශේෂයක් පිළිබඳව හෝඩුවවක් දකුණුදිග ඔස්ට්‍රේලියාවෙන් හමුවූ බව සත්වවේදීන් පිරිසක් පවසති.
රාත්‍රී කාලයේ සැරිසරන ගිරවු විශේෂයක් වන මෙම දුර්ලභ පක්ෂීන් පිළිබඳව මුලින්ම වාර්තා වන්නේ මීට ශතවර්ෂයකට පමණ පෙරදීය.
කෙසේ වෙතත්, වර්ෂ 2013දී ක්වින්ස්ලන්තයේදී සත්වවේදියෙකු වූ ජෝන්ග් යන්ග් මෙම කුරුල්ලෙකුගේ ඡායාරූපයක් ලබාගන්නා තුරු ඔවුන් ඔස්ට්‍රේලියාවේ තවදුරටත් පවතින්නේද යන්න පිළිබඳ සැකයක් පැවතුණි.
මෙම දුර්ලභ කුරුළු විශේෂය පිළිබඳ යළිත් හෝඩුවක් ලැබී තිබුණේ ජෝන්ග් යන්ග් සහ කීත් බෙල්චේම්බර්ස් යන සත්වවේදීන් පසුගිය ජූලි මාසයේදී දකුණුදිග ඔස්ට්‍රේලියාවේ, අයිරේ විල අසල මෙම කුරුල්ලන්ගේ පිහාටු සහ කුරුළු නිරීක්ෂණය කිරීමත් සමගිනි.
ඒ අනුව, මෙම කුරුල්ලන් තවමත් මිහිතලයෙන් අතුරුදන්ව නොමැති බව විශ්වාස කිරීමට එය තවත් ප්‍රබල සාක්ෂියක් වී තිබේ.