නිව්යෝක් මෑන්හැට්න් බස් නැවතුමේ පිපිරීමක්?


(UPDATE) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මෑන්හැට්න් බස් නැවතුම් පොළ පිපිරීමක් වාර්තා වන බව නිව්යෝක් පොලීසිය පවසයි.

ටයිම්ස් චතුරස්‍රය ආසන්නයේ වරාය අධිකාරි බස් රථ නැවතුම් පොළෙහි පිපිරීම සිදුව ඇති බවට වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි.

ඒ.බී.සී. පුවත් සේවය පවසා සිටියේ මෙය පයිප්ප බෝම්බයක් විය හැකි බවයි. මෙය බස් අංගනයේ උමං මාර්ගයක් තුළ පිපිරී ඇති බවයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

මෑන්හැටන් බස් නැවතුම් පොළ ඇමෙරිකාවේ විශාලතම බස් නැවතුම් පොළ ලෙස සැලකෙන අතර, මෙහි පසුගිය වසරේ පමණක් මගීන් මිලියන 65ක් මෙහෙයවා තිබේ.

කෙසේ වෙතත්, එම බස් රථ නැවතුම් පොළෙහි සිටි පිරිස් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවත්, සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා කෙරෙනු ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

1_NY



Recommended Articles