ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර, බ්‍රොන්ක්ස් කොට්ඨාසයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් සිව්දෙනෙකු මරාන්තික පිළිස්සුම් තුවාල ලබා තිබේ.
නිව්යෝක් නගරාධිපති බිල් ඩේ බ්ලාසිඕ පවසා සිටියේ පසුගිය වසර 25ක කාලය තුළ නගරයේ ඇති වූ දරුණුතම ගින්න මෙය බවයි.
මෙම ගින්නට හසුවූ පිරිස අතර වයස අවුරුදු 01ක කුඩා දරුවෙකුද සිටියි.
බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානය ආසන්නයේ පිහිටි මෙම මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොතිබුණි.
මහල් පහකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ගින්න පිළිබඳ පළමු අනතුරු ඇඟවීමේ සංඥාව නිව්යෝක් වේලාවෙන් රාත්‍රී 7.00 ට පමණ ලැබුණු බව කියැවේ.
ගොඩනැගිල්ලේ සිටි සෙසු පිරිස් අසල පිහිටි පාසලේ රඳවා තබා ඇති බවත්, මෙය වචනයෙන් විස්තර කළ නොහැකි ඛේදවාචකයක් බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.