නිව්යෝක් නුවර ප්‍රධාන මෑන්හැටන් බස් නැවතුම් පොළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බංග්ලාදේශ ත්‍රස්තවාදියා අත්අඩංගුවට පත්ව තිබේ.
27 හැවිරිදි අකෙයිද් උල්ලාහ් නමැති සැකකරු සංක්‍රමණිකයෙකු ලෙස ඇමෙරිකාව වෙත පැමිණි අයෙකි.
ඔහු ප්‍රහාරය සඳහා රැගෙන ආ ඉතා අවම තාක්ෂණයක් යොදාගෙන සාදා තිබූ පයිප්ප බෝම්බයෙන් ප්‍රහාරකයාද තුවාල වී ඇත්තේ ඔහු එම බෝම්බය සිය ශරීරයේ බැඳගෙන තිබූ නිසා බවද බලධාරීහු පවසති.
එනම්, මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස ඔහු සැලසුම් කරන්නට ඇති බවද මූලික පරීක්ෂණවලින් අනාවරණය වෙයි.
කෙසේ වෙතත්, ඊයේ (11දා) උදෑසන අතිශය කාර්යබහුල වේලාවක ජනයාගෙන් පිරීගිය නිව්යෝක් නුවර ප්‍රධාන මෑන්හැට්න් බස් නැවතුම තුළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ මෙවැනි ත්‍රස්තවාදීන්ට ජයග්‍රහණයක් අත් නොවන බව නිව්යෝක් නගරාධිපති බිල් ඩි බ්ලාසියෝ අවධාරණය කරයි.
බස් රථ නැවතුම් පොළෙහි උමං මගී පාරකදී මෙම පිපිරීම සිදුව ඇති අතර, පිපිරීත් සමග ඒ අසල සිටී මගීන් තිදෙනෙකුද සුළු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, ප්‍රහාරය සිදුකළ ත්‍රස්තයාගේ ඡායාරූප මේ වනවිට සමාජජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර, ප්‍රහාරයෙන් පසුව බිම වැටී සිටින ඔහුගේ උඩුකය ඇඳුම් ඉරී ඇති ආකාරයද දැකිය හැකිය.
නිව්යෝක් නගරාධිපතිවරයා පවසා සිටියේ මොහු හුදකලා ජිහාඩ් ත්‍රස්තයෙකු ලෙස හැසිරී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.