නිව්යෝක් පල්ලියේ ඉමාම්වරයා මරා දමලා


ඇමෙරිකාවේ, නිව්යෝක් නුවර ක්වීන්ස් හි මුස්ලිම් දේවස්ථානයක ඉමාම්වරයා සහ ඔහුගේ සහායකයා වෙඩි තබා ඝාතනය කර තිබේ.

නිව්යෝක් පොලීසිය පවසන පරිදි මොවුන් දෙදෙනා පසුපසින් පැමිණි ප්‍රහාරකයෙකු ඔවුන්ගේ හිසට වෙඩි තබා සිද්ධිය වූ ස්ථානයෙන් පළාගොස් ඇත.

55 හැවිරිදි වියේ පසුවන මවුලමා ආකොන්ජී නමැති ඉමාම්වරයා මීට වසර දෙකකට පමණ පෙර බංග්ලාදේශයේ සිට ඇමෙරිකාවට පැමිණි අයෙකු බව කියැවෙයි.

කෙසේ වෙතත්, මෙය ආගමික විශ්වාස මූලික කරගෙන සිදුවූ වෙඩි තැබීමක් බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව නිව්යෝක් පොලීසිය කියයි.



Recommended Articles