නිව්යෝක් නගරයේ දැවැන්ත පිපිරීමක් වාර්තා වෙයි


ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ ගොඩනැගිල්ලක් තුළ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බවත්, මේ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20ක් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.

නිව්යෝක් නගරයේ, පාක් ඇවනිව් හි 116 වැනි මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ මෙම පිපිරීමත් සමග එම ගොඩනැගිල්ල කඩා වැටී ඇති බවද කියැවෙයි.

නැගෙනහිර හර්ලෙම් පදිංචිකරුවන් පවසන්නේ තට්ටු පහක මහල් නිවාසය කඩා වැටීමට පෙර ඉන් විශාල ශබ්දයක් සමග පිපිරීමක් ඇසුණු බවයි.

මේ ආසන්නයේ හෙලිකොප්ටර් යානා මගින් ගත් ඡායාරූපවලට අනුව විශාල දුමක් හා දූවිලි වලාවක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ගිනි නිවන හමුදාව හා මුදවා ගැනීමේ කණ්ඩායමක් ගිනි නිවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන බවද වාර්තා වෙයි.

දැනට වාර්තා වන තොරතුරුවලට අනුව පිපිරීමෙන් පුද්ගලයන් රැසක් තුවාල ලබා තිබේ.



Recommended Articles