ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, ටයිම්ස් චතුරස්‍රයේ අධික වේගයෙන් ගමන්ගත් මෝටර් රථයක් පදිකයන් ගමන් කළ පදික වේදිකාවට කඩා වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම ඛේදවාචකයත් සමග මෑන්හැටන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරුණු අතර, අත්අඩංගුවට පත් රියදුරු 26 හැවිරිදි තරුණයෙකු බවත්, අනතුරු සිදුවන අවස්ථාවේදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා රථය පාලනය කරගැනීමට නොහැකි වී ඇති බවත් පොලීසිය විශ්වාස කරයි.
නිව්යෝක් නුවර සංචාරකයන් අධික ලෙස ගැවසෙන ප්‍රදේශයක සිදුවූ අනතුරින් පසුව මෙම තරුණයා පැමිණි රතු පැහැ හොන්ඩා වර්ගයේ මෝටර් රථය අලාභානි සිදුව දුම්රොටු නංවමින් පැවතිණි.