නිව්යෝක් ටයිම්ස් ඇප් එකට චීනය තුළ වාරණයක්


චීනයේ ඇපල් ස්ටෝර් හි අන්තර්ගත නිව්යෝක් ටයිම්ස් ඇප් වැඩසටහන චීන බලධාරීන්ගේ ඉල්ලීම අනුව ඉවත්කර ගැනීමට ඇපල් සමාගම කටයුතු කර තිබේ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසන්නේ එරට තුළ ස්වාධීන මාධ්‍ය භාවිතයකට මග අවුරාලීම චීනයේ මෙම ක්‍රියාවේ යටි අරමුණ බවයි.

චීනයේ පවතින නීතිරෙගුලාසි උල්ලංඝනය කිරීමක් නිව්යෝක් ටයිම්ස් ඇප් වැඩසටහන හරහා සිදුවන බව ඇපල් සමාගමට දැනුම්දී ඇති බව ඔවුහු පවසති.

බොහෝවිට බටහිර මාධ්‍ය වෙත චීනය තුළ ඕනෑ ඕනෑ ආකාරයට කස්තිරම් ඇල්ලීමට එරටින් අවසරයක් නොමැති අතර, බෙහෝ බටහිර මාධ්‍ය එරට තුළ තහනම් කිරීමක් හෝ අවහිර කිරීමක් දැකිය හැකිය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ පසුගිය දෙසැම්බර් 23 වැනිදා සිට චීන ඇප් ස්ටෝර් වෙතින් ඉංග්‍රීසි මෙන්ම, චීන භාෂාවෙන් පළ වන එම ඇප් වැඩසටහන් ඉවත්කර ඇති බවයි.



Recommended Articles