නිව්යෝක් නගරයේ නැගෙනහිර ගංගාව වෙත හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යානයේ සිටි තවත් තිදෙනෙකු මුදාගැනීමේ කණ්ඩායම් විසින් බේරාගැනීමෙන් පසුව මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්තුළ සිටින බව විදෙස් වාර්තා පවසයි.
නිව්යෝක් ගිනි නිවන ඒකකය සඳහන් කළේ යානයේ නියමුවා කිසිදු උපද්‍රවයකින් තොරව බේරී ඇති බවයි.
ඡායාරූප සැසියක් සඳහා යානය ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයන් හය දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
රූස්ට්වෙල්ට් දිවයින ආසන්නයේදී යානය ගංගාව වෙත කඩා වැටී අත්තේ එරට වේලාවෙන් රාත්‍රී 7.00 ට පමණය.