නිරන්තරව වෙනස්වන ලොව ඡායාරූප ගැනීමට චන්ද්‍රිකාවක්


සෑම දෙයක්ම මොහොතින් මොහොත වෙනස්වන බව මීට වසර 2,500කට පෙර පවසා සිටියේ අප ලොවුතුරා බුදුරජාණන් වහන්සේය.

මේ වෙනස්වීම ජීවී, අජීවී සෑම වස්තුවකටම පොදු වන අතර, අප ජීවත්වන මේ පෘථිවියටද ඒ ධර්මතාව එලෙසින්ම පොදු කාරණයකි.

ඒ නිසා, ලෝක සිතියමේ මොහොතින් මොහොත සිදුවන වෙනස්කම් හඳුනාගෙන දින පහකට වරක් ලෝක සිතියම යාවත්කාලීන කිරීමේ අරමුණින් සෙන්ටිනෙල් - 2B චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීම පසුගියදා සිදුවිය.

මෙම චන්ද්‍රිකාවේ අරමුණ වන්නේ සෑම දින පහකට වරක් ලෝක සිතියම යාවත්කාලීන කිරීම වෙනුවෙන් පොළොවේ ඡායාරූප ගැනීමය.

ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක වියදමින් කක්ක්ෂ ගත කෙරුණු යූරෝ අර්ත් ඔබ්සර්වේෂන් චන්ද්‍රිකාවට සමාන වන මෙම සෙන්ටිනෙල් - 2B චන්ද්‍රිකාවද එම ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක වන බව විද්‍යාඥයෝ පවසති.



Recommended Articles