ලන්ඩන් සිට මුම්බායි දක්වා ගමන් කළ ජෙට් එයාර්වේස් ගුවන් යානයක නියමු කුටිය තුළ ගුටිබැට හුවමාරුවක නිරත වූ නියමුවන් දෙදෙනෙකු පිළිබඳ පරීක්ෂණ අරඹා තිබේ.
නියමුවන් දෙදෙනා අතර ඇති වූ අනවබෝධයක් මෙම ගැටුමට හේතු වී තිබුණත්, මෙය සම්පූර්ණයෙන්ම පාහේ ඔවුන් සිය වගකීම් පැහැර හරිමින් මගී ජීවිත අනතුරේ හෙළීමක් බවද පැවසෙයි.
නියමුවෙකු හා නියමුවරියක මෙම ගැටුමට මැදිවී ඇති අතර, නව අවුරුදු උදාව සිදුවන දිනයේදී වාර්තා වූ මෙම සිදුවීමේදී නියමුවරියට එහි නියමුවා කම්මුල් පහරක් ගැසීමත් සමග ගැටුම උත්සන්න වූ බවත් කියැවෙයි.
එම අවස්ථාවේදී මගීන් 324 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇත. අවසානයේදී නියමුවරිය නියමු කටියෙන් ඉවත්ව ගොස් ඇති අතර, පසුව ඇය යළිත් නියමු කුටිය වෙත පැමිණ යානය නිරුපද්‍රිතව රැගෙන යාමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.