නිමවන බුදුරුව දැක ට්‍රම්ප් යුවළ උනන්දු වූ හැටි


ආසියානු සංචාරය අතරතුර චීනයට පැමිණි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යා මෙලානියා ට්‍රම්ප් බීජිං නුවර පිහිටි සංරක්ෂිත ශාස්ත්‍රීය පර්යේෂණාගාරය නැරඹීමට පැමිණියහ.

එම පර්යේෂණාගාරයේදී පාරම්පරික චීන කලා ශිල්පයන්ට පණ පොවමින් සිටි එක් චීන ශිල්පියෙකු අතින් ඔප මට්ටම් වූ බුදුරදුන්ගේ ප්‍රතිමා වහන්සේ පිළිබඳ ජනාධිපතිවරයාගේ මෙන්ම, ජනපති ආර්යාවගේද විශේෂ උනන්දුවක් පැවති ආකාරය ප්‍රංශ පුවත් සේවයේ කැමරාවක සටහන් වී තිබුණේ මෙසේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දීර්ඝතම ආසියානු සංචාරය අතරතුර චීනයට පැමිණි ඔහු මෙම සංචාරය තුළදී චීනය සමග වෙළෙඳ හා ද්වීපාර්ශ්වික සාකච්ඡා මෙන්ම, උතුරු කොරියාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කරනු ඇත.

CHINA-US-TRUMP-POLITICS-DIPLOMACYCHINA-US-TRUMP-POLITICS-DIPLOMACY



Recommended Articles