නිදන කාමරවලට එබෙන එක නම් හොඳ නෑ


කාගෙවත් නිදන කාමරවලට එබෙන එක නම් එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි. ඒත් මෙයා පොඩ්ඩක් එහෙම එබිකම් කරල බැලුවෙ වැරදි හිතකින් නොයෙකි කියල තමයි කියන්නෙ.

කොහොම හරි මේ එබිකම් කිරීම කරල තිබුනෙ උගන්ඩාවෙදි. ඒ රටේ බ්වින්ඩි වනෝද්‍යානයේ තියෙන සෆාරි නිවස්නයක කාමරයකට තමයි මෙයා එබිකම් කරල තියෙන්නෙ. මෙහෙම එබිච්ච කෙනා අපේ නෑයෙක්. ළඟම නෑයෙක් කිව්වත් වැරදි නෑ. එයා ගෝරිල්ලෙක්. ගොරිල්ලෙක් කිව්වත් ගොරිලි පැටියෙක්.

මේ නවාතැනේ සංචාරයකට පැමිණි යුවළ භීතියෙන් තැති අරගෙන තියෙන්නෙ කවුද එයාලගෙ කාමරේට හොරෙන් එබෙන්නෙ කියලයි. මුලින්ම බැල්කනිය දිගේ එහෙට මෙහෙය ගිය මෙයා, හිමින් සැරේ කාමරේ වීදුරු අතරින් බලාගෙන ඉන්නවලු. තව ටිකක් හොඳට හරිගැහිල කන්න වගේ බලාගෙන ඉන්නවලු. වීදුරුවට ඔලුව තියාගෙන බලාගෙන ඉන්නවලු. ටිකකින් විවෘත වෙච්චර වීදුරු දොරෙන් තමන්ගෙ කඳේ කෑල්ලක් ඇතුළට දාල ඇලවෙලත් ඉන්නවලු. කොහොම හරි මෙයාලත් හිතේ ධෛර්යයෙන් මේ අමුත්තගෙ ඡායාරූප කිහිපයක් අරගෙන. ඒත් මෙයාගෙන් කාටවත් කරදයක් නම් වෙලා නැහැ. මෙහෙම වෙලාවක් කාමරේ දිහා බලාගෙන හිටිය මේ ගොරිලි පැටියා, තවත් වෙලාවකින් තමන්ගේ රැලේ පිරිස සමග යන්න ගියාලු.

සාමාන්‍යයෙන් මේ සෆාරි නිවස්නයට එන අයට අතිශය දුර්ලභ මේ ගොරිල්ලන් දැකගන්න ටිකක් වනාන්තරේ ඇතුළට යන්න වුණත්, මෙයාලගෙ වාසනාවටද කොහෙද මේ ගොරිලි පැටිය ඔවුන්ව හොයාගෙනම ඇවිල්ල. අත්තටම මෙයා කාමරේට එබෙන්න ඇත්තෙ මොකද දන්නේ නෑ නේද..? ඔයාල දන්නව නම් කියන්නකො...



Recommended Articles