නිකරගුවාවේ ගැටුම්වලින් 70කට වැඩි පිරිසක් මරුට


මධ්‍යම ඇමෙරිකාවේ නිකරගුවා රාජ්‍යයේ ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් ගතවූ මසක පමණ කාලය තුළ පුද්ගලයන් 70කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිකරගුවාවේ සමාජ සුබසාධනය සඳහා වෙන්කළ මුදල් කප්පාදු කිරීමට විරෝධය පෑම මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ මූලික අරමුණ විය.

මුලින් එරට විශ්‍රාමිකයන් පමණක් සහභාගී වූ විරෝධතාවට රජයට සම්බන්ධ මැර කල්ලි විසින් පහරදීමත් සමග එය දැවැන්ත විරෝධතාවක් ලෙස පරිවර්තනය වී තිබේ.

නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඕටෙගා ඒකාධිපතියෙකු ලෙස හැසිරෙන බව විරෝධතාකරුවන් පවසන්නට වූ අතර, එහිදී, තමන් විසින්ම නිපදවන ලද මෝටාර් විරෝධතාකරුවන්ගේ අත්වල රැඳෙන ආකාරයද විදෙස් වාර්තාවල දැක්විණි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාට පක්ෂපාතී කණ්ඩායම් හා ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් වෙත එල්ල කරනලද ප්‍රහාර මෙම මරණවලට හේතුව බව කියැවෙයි.

1_Nicargua A demonstrator walks past burning tyres during a protest over a controversial reform to the pension plans of the Nicaraguan Social Security Institute (INSS) in Managua



Recommended Articles